ආදර ප්‍රදී
4 වන කොටස
“ඉතින් කියන්න කෝ ......... බිම් ගෙයි දි ඔයා අනූෂව ඉම්ඹ ද ?“
“ නෑ ........ “
“ බොරු කියන්නෙපා අනේ. බිම් ගෙයි ළං වෙද්දි තමා ඔයා එයාගේ අතින් අල්ලගත්තේ , ඉතින් බිම් ගෙයි ඇතුලෙදි ඔයා එයාව ඉඹින්නෙ නැතිව නම් ඉන්න විදිහක් නෑ “
“ නෑ ....... මට ඕනි වුනේ නෑ එහෙම කරන්න. මට ඕනි වුනේ එයා ළඟින් ඉන්න. එයා දිහා බලා ඉන්න විතරයි “
“උඹෙ බොරු , දැන් බලන්න මම උගන්වන ඉස්කෝල කෙල්ලො කොල්ලො යාළු වෙලා දවස් දෙකෙන් ෆිල්ම් හොල් යනවා. දෙවෙනි සතියෙ ඉදන් රූම් යනවා , ඔයා මට කියන්නේ අච්චර පෙරුම් පුරල යාලු වෙච්චි , අච්චර ලස්සන ගෑණු ළමයගෙ කම්මුලක් ඔයා ඉම්ඹෙම නෑ කියල ද?“
“ ඔයා විශ්වාස කරා හෝ නොකර . ඇත්තටම මට එහෙම දෙයක් කරන්න ඕනි වුනේ නෑ. “
මෙච්චර වෙලා එයාගේ කකුළ දෙක ගාවට වෙලා නට්ට කොඩිය දාලා වගේ උස්සන් කකුලෙ ගෑවි ගෑවි එහා මෙහා ගියපු තඩි පර්සියන් පූසා එයාගේ ඔඩොක්කුවට නැගල ඉස්සරහ ගාත් දෙකෙන් ඉස්සිලා මීෂාගේ මූණේ උගෙ මූණ අතුල්ලන්න ගත්තා.
මෙච්චර වෙලා හැංඟිලා තිබිච්චි අර ලස්සන නල දත පේන්න මූණ පුරාම ඒ හිනාව පුබුදන්න පර්සියන් පූසට පුලුවන් වෙච්චි එකට නම් මගෙ හිතට ආවේ ඉරිසියාවක්.
“ හරි හරි ඉතින් මොකද ඊට පස්සෙ වුනේ .......... “ තඩි පර්සියන් පූසාට පේන්නට ඔහුගේ ඇඟේ ගෑවෙන තරමට ළං වෙමින් අසද්දී , ඔහුගේ සුපුරුදු උණුසුමින් හදවත පිරෙන්නට විය.
-----------------------------------
“ පිස්සු නැතිව බැහැපන් බන් , පනහට සීයක් දෙන්නම් බැහැපන් යකෝ “
නැමිනමේ ආරුක්කු පාලම් ඇන්දේ ප්‍රපාතය දෙසට වන්නට සමබරතාව රකින්නට උත්සාහ ගන්මින් ගමන් ගන්නා හීන්දෑරි කොල්ලෙකි. තව ඩිංගිත්තක් හුළඟං සැරය වැඩි වෙතොත් ඔහුගේ සමබරතාව කෙසේ වෙතත් ඒ හුළංසැර දරා ගත නොහී ඔහු නවතින්නේ ප්‍රපාතයේ පාමුලට පාවී ගොසිනැයි සිතුනු මගේ හුස්ම හෙලීමද නැවතුනේ ඒ හුස්ම පොදත් එකතුවී සුළං සැරය වැඩි කරතැයි බියෙනි.
“ යකෝ බැහැපන් බන් “
ඔහුට ඒ කිසිත් නෑසේ , සිරුරට ලම්භකව දෙපසට දිකු කර ගත් දෑත් විටෙක වමට ද විටෙක දකුණට ද ඇල කරමින් , විටක දකුණු පයද ඉන් පසු ඒ සීරුවටම තබන වම් පය දෙසද බලමින් ඔහු ගමනේය .
ආයාචනා කිසිවකින් පලක් නැතැයි හැඟුනු පසු අනිකුත් කොල්ලන් පාලමේ කෝච්චි පාර වැටී ඇති දෙසින් , නමුත් බැම්මට ඉතා ආසන්නයෙන් ඔහු හා සමාන්තරව ගමනේ යන්නේ මා මෙන්ම සුළං සැර වැඩිවෙතැයි බියෙන් නතර කර අල්ලා ගත් හුස්ම සමඟිනි .
මේ ත්‍රාසජනක ගමනේ යෙදෙන්නා වෙනත් කිසිවෙකු නොව එදා බිම්ගෙයි පාමුල දී අනූෂා ගෙ අත ආදරයෙන් අල්ලා ගත් මිෂා ය. අනූෂා පෙනේනට නැත. මීෂා තම ජීවිතය රුපියල් පනහකට ඔට්ටු අල්ලා පාලම් ඇන්දේ පරඩැලක් මෙන් වැනෙමින් සිටියි.
“ දීපන් පනහ “
ඇන්දේ කොණටම ගොස් වේගයෙන් තම යහළුවන් අතර පැන තම ත්‍රාසජනක ගමන නිම කල මීෂා , ඔට්ටු මුදල ඉල්ලන්නට විය.
“ ඉදා ගනින් , කෙල්ලෙක් හින්දා ඔච්චරටම පහත් වෙන්න එපා බන් “ කලිසම් සාක්කුවෙන් ඇද ගත් රුපියල් පනහ දිගුකරමින් මූණ පුලුටු කර ගත් මිතුරකු පවසන්නට විය.
ගත වූ කාලය තුල මීෂා-අනූෂා පාසල් පෙම් යුවල කාගෙත් හොඳ හිත දිනාගත් පෙම්යුවලක් වූ අයුරුත් රේල් පිලි දිගේ සමාන්තරවත් , බිම් ගෙවල් තුලින් එක්ව දෑත් පටලවනුත් , මහා රූස්ස පයින් ගස් වනාන්තර තුල හීන් හඬ නංවමිනුත් සැරිසැරූයුරු මගේ මතකයේ තැන්පත් වී ඇත.
උසස් පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වූ මේ කාලය මට මඟ ඇරුනු කාලය අතරට එක් වී තිබූ අතර ඒ කාලය තුල දී කුමක් හෝ අරුමයක් සිදු වී ඇත.
රේල් පාර දිගේ ත් , බිම් ගෙවල් ඇතුලේත් , රූස්ස පයිනස් වගා බිමේ හැම තැනම සැරිසැරුවත් ඔවුන් ගැන හාන්කවිස්සියක දෙයක් සොයා ගත නොහැකි වූ තැන මගේ විමසුම් දෑස් යොමු වූයේ මිෂාටයි ,
“ ඔය ලොකු ඇස් තවත් ලොකු කරල මගෙ දිහා බලන්නෙපා බන් , උඹ මාව විනිවිද යවන්න හදනව ඔය බැල්මෙන් “
“ බොරු වර්ණනා ඇති , කියන්න මට මොකද වුනේ කියලා , මට හොයා ගන්න බෑ ඒ අතුරුදහන් වෙච්චි කාලයෙ වුනු දේවල් “
“ එහෙනම් අහ ගන්න , දවසක් මට නිලන්ති පණිවිඩයක් එවල තිබ්බ ඉක්මනට ඇවිත් හමුවෙන්න අනූෂට හමුවෙන්න ඕනි කීවා කියල. එදා ගෙදර ආපු ගමන් මම කෑම කන්නෙත් නැතිවම එයා කියපු වෙලාවට කියපු තැනට ගියේ ඇවිදගෙන නෙමේ දුවල “
“ එතකොට ඔයාල ඉස්කෝලෙදි හමුවුනේ නැද්ද ?“
“ නෑ .......එතකොට අපි විභාගෙත් ලියල ඉවරයි. අනුෂා නම් ඉස්කෝලෙ යනවා “
“ ඉතින් .........“
“ මම ගියා කියපු වෙලාවටම ඒත් ,............... අනුෂා පේන්න හිටියේ නෑ. හැබැයි නිලන්ති ටික වෙලාවකින් ආවා “
“ ඉතින් ............“ වාඩි වී හුන් තැනින් නැගිට ගත් මා, වාඩි වි සිටි ඔහුගේ පය පාමුලින් දණිස් ඔබා වාඩි වී , ඔහුගේ දෙකලවයට දෑත් තබා බිමට යොමා ඇති ඔහුගේ මුහුණට එඹෙමින් ඇසීමි.
මද වේලාවක් මා දෑස දෙස බලා සිටි ඔහු , “ ආපහු කවදාවත් අනූෂාව හමුවෙන්න එපා , අනූෂව අමතක කරල දාන්න කියල අනුෂා කීවා කියල නිලන්ති මට කීවා “
“ නෑහ් ......... ඒ මොකද හේතුව “
“ හේතුව එයාගෙන් අහන්නෙපා කියල කීව නිසා මම කවදාවත් එයාගෙන් හේතු ඇහුවෙ නෑ “
“ අෆෝ ඔයැයි හරිම හොඳ වැඩියි අප්පා.... එතකොට හේතුවක් දන්නෙම නෑ “
“ නෑ ......... දන්නව “
“ දන්නව .......... කොහොමද දන්නේ ..........එයා කීවද ?“
“ නෑ ...හ් ........ කාලෙකට පස්සෙ මට ඒක දැන ගන්න ලැබුනා ...............“
“ ඉතින් අනේ මොකක් ද හේතුව “ රිදෙන දණහිස නමා බිම වාඩි වී ඔහුගේ උකුලේ හිස තබා ගත ඉරියවුවෙන් , ඒ පැණයට දැන්මම පිළිතුරු අවශ්‍ය නැතැයි සිතූ ඔහු , ඔහුගේ මැජික් ඇතැගිලි මගේ හිස පුරා යවන්නට විය............
“ අනුෂත් හරියට අර පර්සියන් පූසා වගේ , එයාට ඕනි වෙලාවට විතරයි එන්නේ “
“ ඔයා ඉතින් ඌත් එක්ක ඉරිසියයි නේ “
ඇත්තටම ඇයි කෙල්ලෙක් කොල්ලෙක්ගෙ කිසිම වරදක් නැතිව දාලා යන්නේ ? ඒක ඔයා යි මමයි හිතන තරම් ලේසි පාසු දෙයක් නෙමෙයි........
ඒක දැන ගන්න නම් ඊළඟ කොටස කියවන්නම වෙනවා........

No comments:
Post a Comment